සන්ධ්‍යා ෆිල්ම්ස් ලෙස ප්‍රථමයෙන් හැඳින්වුණු සුමති ෆිල්ම්ස් (පුද්ගලික) සමාගම සංස්ථාගත කිරීම සිදුකරනු ලැබුවේ වර්ෂ 2006දීය. වර්ෂ 1974 දී අප සමාගම විසින් පළමු වරට නිෂ්පාදනය කළ , ලෙනින් මොරායස් විසින් අධ්‍යක්ෂණය කළ "උන්නත් දාහයි - මලත් දාහයි " චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලමින් අතිසාර්ථක ලෙස දිවයින පුරා තිරගත විය. ඉන් අනතුරුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද "අහසින් පොළොවට" චිත්‍රපටය අපගේ නිෂ්පාදනයක් ලෙස පෙර නොවූ විරූ අයුරින් ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය ගෝලීය සිනමා කර්මාන්තය අභිමුව උත්කර්ෂයට නංවන්නට සමත් විය. "ගඟ අද්දර", "දුවට මවක මිස", "උප්පලවණ්ණා" සහ "පත්තිනි" වැනි සම්මානනීය චිත්‍රපටවල සාඩම්රබර අර්ථපතීත්වය හොබවනු ලැබුවේද සුමති චිත්‍රපට සමාගම විසිනි.
දිවංගත යූ ඩබ්ලිව් සුමතිපාල මැතිතුමන් දැඩි සිනමාලෝලියෙකු වීම, චිත්‍රපට නිෂ්පාදනය කෙරෙහි ඔහුව පෙළඹවීමට උත්තේජනය ඇතිකරවන්නක් විය. ප්‍රථම නිෂ්පාදනය වූ “උන්නත් දහයි මලත් දහයි” චිත්‍රපටයේ මංගල දර්ශනය වර්ෂ1976 දී ජූලි මස 16 වන දින ග්‍රෑන්ඩ්පාස්හි අශෝකා සිනමා ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ ශ්‍රී ලාංකේය සිනමාවේ 338 වැනි චිත්‍රපටය ලෙසිනි. ඊට සමගාමීව සිදුවූ වඩාත් සුවිශේෂී සිදුවීමක් වනුයේ, චිත්‍රපටය වාණිජමය වශයෙන් අති සාර්ථක වීමෙන් අනතුරුව සුමතිපාල මැතිතුමන් “අශෝකා” සිනමා ශාලාවේ හිමිකරු බවට පත්වීමය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'අහසින් පොළොවට' චිත්‍රපටය සුමති චිත්‍රපට වෙනුවෙන් නිපදවුණු මීළඟ චිත්‍රපටය බවට පත්වූයේ ලාංකේය සිනමා කර්මාන්තයේ දීප්තිමත් මතු අනාගතය පිළිබඳව සුපැහැදිලි ඉඟියක් දේශීය සිනමාවේ උන්නතිය අපේක්ෂා කරන කොයි කා තුළත් ජනිත කරවමිනි. වර්ෂ 1978 දී සැප්තැම්බර් මස 26 වන දින සිට ඔක්තෝබර් මස 4 වන දින දක්වා ඊජිප්තුවේ කයිරෝ නුවර පැවති 3 වැනි අන්තර්ජාතික සිනමා උළෙලේදී ඇකනතොන් සම්මානයට උරුමකම් කියමින් ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවේ අභිමානය මුළු මහත් ලොවක් හමුවේ විදහා පෑමට 'අහසින් පොළොවට' චිත්‍රපටය සමත් විය. තුන්වන ලෝකයේ රටක් මෙලෙස ඇගයීමට ලක්වීම ශ්‍රී ලාංකේය සිනමා කරළියේ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙසින්ද එහිදී සනිටුහන් විය. නොමඳ විචාරක පැසසුම් ඔස්සේ වර්ෂ 1978 දී දෙසැම්බර් මස 15 වන දින දේශීය චිත්‍රපට මුදාහැරීමේ මණ්ඩලය හරහාම 'අහසින් පොළොවට' සිනමාපටය ජනගත කිරීම ඇරඹිණි.
මෙලෙස උරුමකරගත් සාර්ථකත්වය තවත් ඉදිරියටම ඇදුණේ සුමති චිත්‍රපට සමාගමේ තෙවන චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ සුවිශේෂී අවස්ථාව සුමිත්‍රා පීරිස් මැතිතුමිය වෙතට හිමිකර දීමත් සමගිනි. ‘ජනාධිපති’ සහ ‘සරසවි” සම්මාන ඇතුළු කීර්තිමත් සම්මාන රාශියකට උරුමකම්කී එම සිනමා කෘතිය එම වසරේ වැඩිම සම්මාන සංඛ්‍යාවක සිය නාමය සනිටුහන් කිරීමේ ගෞරවය සුමති චිත්‍රපට සමාගමට විඳගැනීමට අවකාශය උදාකර දෙනු ලැබීය.
දිවංගත ආචාර්ය මිලිනා සුමතිපාල මැතිනිය සැදැහැවත් බෞද්ධ උපාසිකාවක මෙන්ම ප්‍රකට සමාජ සේවිකාවකි. මෙරට ප්‍රමුඛතම සමාජීය හා ආගමික සංගම් රැසක ප්‍රධාන තනතුරු දැරීමට වරම් ලැබූ එතුමිය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධූරයට පත්වූ පළමු සහ එකම කාන්තාව ලෙසින් ඉතිහාසයටද එක්ව සිටින්නීය. අධ්‍යාත්මික ජීවිතයකට හුරු පුරුදු වී සිටි එතුමිය යූ.ඩබ්ලිව්. සුමතිපාල පදනමේ ක්‍රියාකාරීත්වය ඔස්සේ සහ චිත්‍රපට නිෂ්පාදන සමගමේ ආදායම් අතිරික්තය හරහා රටේ ජාතික, ආගමික සහ සමාජ සේවා කටයුතු වෙතට පුනර්ජීවනය සපුරාලීමට සිය ජීවිතයේ අවසන් වසර කිහිපය කැප කළාය.
එපමණක් නොව,සිය ආදරණීය සැමියා විසින් ආරම්භ කරන ලද ධනාත්මක පූර්වාදර්ශී ක්‍රියාන්විතය වන අර්ථාන්විත චිත්‍රපට නිෂ්පාදනය කොට මෙරට සිනමා කර්මාන්තය වෙතට තිළිණ කිරීමේ කර්තව්‍යය එතුමිය විසින් මහත් පරිශ්‍රමයක් යොදා කැපීපෙනෙන අයුරින් ඉදිරියට ගෙන ගියාය. එම සිනමාපට අතරින් බොහොමයක් ස්ත්‍රීත්වය තේමාකොටගත් සිනමාපට වීම බොහෝ විචාරක පැසසුසමටත්, සුවහසක් සිනමා ලෝලීන්ගේ නොමද ඇගැයුම් වලට ලක් වීමටත් හේතු සාධක විය.
සුමති චිත්‍රපට මෙතෙක් ආ ගමන් මග තවත් ඉදිරියට ගෙන යමින් සුමති යුනිවර්සල් පෞද්ගලික සමාගම වෙනුවෙන් එහි සභාපති තිලංග සුමතිපාල මහතා නිෂ්පාදන කළ නවතම චිත්‍රපටය වන්නේ ' ගෞතම බුද්ධ මාතා' යි. දේශීය මෙන්ම භාරතීය රංගන ශිල්පීන් යොදා ගනිමින් ඉතා ඉහළ තාක්ෂණයෙන් යුක්තව, ජාත්‍යන්තර මට්ටමින් මෙම සිනමා කෘතිය නිර්මාණය නිර්මාණය කර ඇත්තේ අද ලංකාවේ සිටින විශිෂ්ටතම සිනමා අධ්‍යක්ෂවරයා වන සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසිනි.
බෞද්ධ සාහිත්‍යයෙහි “බුද්ධ මාතා” යන ගෞරවනීය නාමයෙන් හැඳින්වෙන්නේ සිද්ධාර්ථ කුමාරයා වැදූ මව වූ මහාමායා දේවිය නොව එකුමරු හදා වඩා ගත් මහා ප්‍රජාපතී ගෝතමිය යි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් දින කිහිපයකට පසු මහාමායා දේවිය මිය ගියා ය. එතැන් පටන් බිළිඳු සිද්ධාර්ථ කුමරුට මවු වූයේ මහා ප්‍රජාපතී දේවිය යි. ඇය සිය පුත්‍රයා වූ නන්ද කුමරු කිරි මවුවරුන්ට පවරා සිද්ධාර්ථ කුමරුට සිය දෙතනෙහි කිරි පෙව්වා ය. ගුරු විශ්වාමිත්‍ර ලවා අකුරු කරවූවා ය. සුද්ධෝදන රජතුමාට අවශ්‍ය වූයේ සිය පුතු සක්විති රජකු වනු දැකීම යි. එහෙත් ප්‍රජාපතී ගෝතමියට අවශ්‍ය වූයේ සිද්ධාර්ථ කුමරු බුද්ධත්වයට පත් වනු දැකීම යි. ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා එතුමිය බොහෝ කැපකිරීම් කළා ය. සිය පුත්‍රයා බුද්ධත්වයට පත් වූ පසු ද චිංචිමාණවිකා, සුන්දරී ආදී තීර්ථක පරිබ්‍රාජිකාවන් වෙතින්
උන්වහන්සේ වෙත අස්ථාන චෝදනා එල්ල වන විටත් ඒවා විඳ දරා ගත්තා ය. අවසානයේදී භික්ෂුණී ශාසනය පිහිටුවීමේ වරම ද බුදුරජාණන්වහන්සේ විසින් ප්‍රදානය කරන ලද්දේ ප්‍රජාපතී මාතාවට ය. අර්හත් භික්ෂුණියක ලෙස ප්‍රජාපතී ගෝතමිය පිරිනිවන් පෑමට යද්දී බුදුරජාණන්වහන්සේ එතුමිය පසුපස ගමන් කළහ. ඒ වනාහී උන්වහන්සේ දිව්‍ය මනුෂ්‍ය කවරකු වෙනුවෙන් හෝ පසුගමන් කළ එකම අවසථාව ය. බුද්ධ මාතාවගේ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේ එතුමියගේ භෂ්මාවශේෂ තැන්පත් කර ලිච්චවී රජදරුවන් ලවා ස්ථූපයක් බඳවා පැදකුණු කර මලින් ගඳින් පූජා කළහ.
“ගෞතම බුද්ධ මාතා” යනු ඒ උත්තම ස්ත්‍රිය පිළිබඳව නිර්මාණය කළ මහා සිනමා වෘත්තාන්තය යි.
ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණය ප්‍රදර්ශනය කිරීම අද දින ආරම්භ කෙරුනා. සිනමා නිර්මාණයේ මංගල දර්ශනය වැල්ලවත්ත Savoy Premiere (Roxy) හි දී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වුනා.
ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණය ගෞරවණීය ස්වාමීන් වහන්සේලා වෙත පෙන්වීමේ විශේෂ දර්ශනය (08) දින පෙරවරුවේ වැල්ලවත්ත Savoy Premiere (Roxy) හිදී පැවැත්වුණා. ඒ සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණයවන පරිදි භික්ෂුන් වහන්සේලා වැඩමකර සිටියා.
ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණය දෙසැම්බර් මස 10වන දින සිට දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ආරම්භවේ.
EAP Films & Theaters Limited ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී අර්ජුන වෛද්‍යසේකර මහතා සහ Sumathi Universal Pvt Ltd ආයතනය වෙනුවෙන් එහි සභාපති, ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ නිශ්පාදක තිලංග සුමතිපාල මහතා විසින් එම ගිවිසුම අත්සන් කරනු ලැබුවා.